සමූහ ඝාතනය 01
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"මොකද දන්නෙ නෑ ගෙදර දොර වහලා ...කී සැරයක් කතා කරාද ...මුරකාරයත් නෑනෙ ...."
"මහත්තයා මහත්තයා "
"යකෝ අද කිරි බෝතල් දෙකක්ම ගේන්න කිව්වා."
පාන්දරම කිරි බෝතල් ගේන කොල්ලා.ගේට්ටුව ළඟ හුගාක් වෙලා කෑ ගහලා බාගෙට ඇරිච්ච ගේට්ටුවෙන් සමරනායක මහත්තයාගේ ගෙදර ඉස්සරහට ආවෙ.
ඒ ඇවිත් කීප සැරයක් කතා කරා .කෝ ඉතිං ඒත් මොකෙක්වත් නෑනෙ ...
කිරි ගේන කොල්ලා යන්න ගියා ...
සමරනායක මහත්තයා ගමේ යමක් කමක් තියෙන සල්ලි, යාන වාහන, වගේම මිනිස්සුන්ගෙ පිළිගැනීම තියෙන කෙනෙක් ...
සමරනායක මහත්තයාගේ නෝනා ඉස්කෝලේ උගන්නන්නෙ...හුගාක් අහිංසක ගෑනු කෙනෙක් ...ගමේ හැම ලමයටම හුගාක් ආදරෙන් උගන්වන්නෙ....සමරනායක මහත්තයාගේ පුතාට අවුරුදු පහයි.නිපුණ දගකාර පුංචි කොලු පැටියෙක් ...දුව සහේලි...අවුරුදු දහයක් ඉස්කෝලේ පහේ පංතියේ ඉන්න දුවෙක් ...
පොල් වතු ,කඩ වලින් එන ආදායම සමරනායක මහත්තයාට පවුල ලස්සනට බලාගන්න තරම් උනත් නෝනා ආස කරේ ඉගෙන ගත්ත දේ පුංචි එවුන්ගෙ ඇස් පාදන්න...
සිරිල් ගෙදර මුරකාරයා....සමරනායක මහත්තයා හුගාක් දුර ගමන් යන එන නිසාත් .රෑ තිස්සෙ ගෙදර වටේ හොරු පොල් සහ අනෙකුත් දේ හොරකම් කරන නිසාත් සිරිල් ගෙදර සහ වත්තෙ මුරට ගත්තා ....
අනුලා ගෙදර උයන්න පිහන්න ඉන්නෙ .
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"මිස් අද අනූපමා මිස් ඉස්කෝලේ ඇවිත් නෑ නේද ..අද එනවමයි කිව්වා නේද ..."
"ඔව් මිස් අනේ මන්දා..දරුවෙක් වත් ලෙඩ උනාද දන්නෙ නෑ ..."
දවස් දෙකක්ම ගත උනා ...උදේ කිරි ගේනවා.ඒත් ගෙදර කවුරුත් පේන්න නෑ .වාහන සේරම ඉස්සරහ මිදුලේ තියනවා ..
ඉස්කෝලේ ගුරුවරුන්ටත් මේක ප්‍රශ්නයක් .මොකද සමරනායක මහත්තයා මේ ටිකේම පේන්න හිටියෙත් නෑ ...මිස් ඉස්කෝලේ ආවෙත් නෑ .දරුවො දෙන්නා ඉස්කෝලේ ආවෙත් නෑ ....
දවස දවස ගෙවෙද්දි සමරනායක මහත්තයාගේ ගෙදර ගැන කිසිම ආරංචියක් නෑ ....
අදත් කිරි බෝතලය අරගෙන ආවා.
දවස් කීපයක් ආවා ඒත් කිරි දෙන්නෙ මොකාටද...මොකද්ද ගදක් එනවා.ගේ අස්සෙන් ...කිරි ගේන එකා ඊලගට ගියේ කඩපිලට...ගමේ හුගාක් එකතු වෙන තැනක්...
"මේ බං සමරනායක මහත්තයා එහෙම දැක්කෙ නෑ ...දවස් ගාණක් ගියා ...ඒත් මොකෙක්වත් නෑ ...අනේ මංදා ...ගේ අස්සෙන් මොකද්ද ගදකුත් එනවා...."
"ගුනේ බිබී උන්නු තේ එක එහෙම්මම බොන එක නතර කරලා ඇහැව්වෙ ..."
"ඔව් බං ගේ අස්සෙන් තමයි ගදක් එන්නෙ...."
"මොකද්ද ගදක් යමල්ලා ටිකක් ගිහින් බලමු...."
එකා දෙන්නා තුන්දෙනා සමරනායක මහත්තයාගේ වත්තට ආවෙ හිතේ සැකේත් එක්ක...
"බුදු අම්මෝ පුදුම ගදක්නෙ....."
"කෝකටත් අපි පොලිස්සියට කෝල් කරමු..."
සුනිල් කෝකටත් පොලිස්සියට කෝල් එකක් දුන්නෙ...දවස් ගානක්ම කිසිම ආරංචියක් නැති සමරනායක මහත්තයාගේ ගෙදර අමුතු ගදක් එනවා කියලා ....
ආරංචිය ටිකක් වෙනස් නිසාම පොලිස්සියට වෙනසක් ,සැකයක් දැනුණා.
පුලුවන් ඉක්මනට පොලිස් මහත්තුරුන් සමරනායක මහත්තයාගේ ගෙදර ලගට ආවා...
ඇත්තටම හුගාක් ලොකු ගදක් ගේ අස්සෙන් එනවා.පොලිස් මහත්තුරුන්ට වෙන කරන්න දෙයක් නෑ .පුලුවන් ඉක්මනට පොලිස් මහත්තුරුන් සමරනායක මහත්තයාගේ ගේ දොරක් කැඩුවේ ගේ අස්සට යන්න ....
දෙවියනේ කාම්බරයක නිරුවතින් සමරනායක මහත්තයාගේ දුව හිටියෙ ...ඒ වෙනකොටත් ලේ විලක් මැද මිය ගිහින් කුණු වෙමින්....
ගම්මු කම්මුලේ අත තියාගත්තේ මෙච්චර අහිංසක මිනිස්සුන්ට මෙහෙම දෙයක් මොකාද කරේ කියලා හිත හිත.
"කවුද මේ වගේ දෙයක් කරන්නෙ..."
පොලිස් මහත්තුරුන් මගුලක් කතා කරනවා.ගමේ උන් මේ දහ අතේ කල්පනා කරන්නෙ මෙච්චර දෙයක් කරන කල් සමරනායක මහත්තයා ,නෝනා අනිත් දරුවා කොහෙද කොහොමද හිටියෙ කියලා ..
මිනිස්සු එකා දෙන්නා එක් රොක් වෙද්දි.පොලිස් මහත්තුරුන් ටික ටික අනිත් අය කෝ කියලා විපරම් කරා...
සමරනායක මහත්තයාගේ දුවගෙ මල මිනීය ඉස්පිරිතාලෙට ගෙනිච්චා..
පොලිස් මහත්තුරුන් සමරනායක මහත්තයාගේ දුරකතනය වෙත ඇමතුම් ගණනාවක් දුන්නා ...
ඒත් ෆෝන් ඕෆ්...
ගම්මු කිව්වෙ ගෙදර වැඩට ගෑනියෙක් සහ වත්ත ගෙදර මුරට පිරිමියෙක් හිටිය බව...
ඒත් මේ දවස් ටිකේම උන් දෙන්නාත් ගමේ උන් දැකලා නෑ ...
පොලිස් මහත්තුරුන්ගේ අවදානම ඒ වෙතට යොමු උනා ...ඒත් කෝ සමරනායක මහත්තයා ...ඊලග පොලිස් මහත්තුරුන්ට නැගුනු ප්‍රශ්නය ....
වත්ත පුරාම සෝදිසි කරද්දි පොලිස් මහත්තුරුන් වත්ත කෙලවරේ තණකොළ වගයක් සුද්ද වෙලා තියනවා දැකගන්න පුලුවන් උනා ....
ලොකු කුණු ගොඩක් තවත් තැනක ගිනි තියලා....
මුලින්ම පොලිස් මහත්තුරුන් තණකොළ සුද්ද වෙලා තියෙන තැන සෝදිසි කරා...ඒත් කිසිම දෙයක් නෑ .
පස්සෙ ගිනි තියලා තිබුණු කුණු වල සෝදිසි කරා....
සමරනායක මහත්තයාගේ සිරුර ,බිරිදගෙ සහ පුතාගෙ කියා නිගමනය කර හැකි සිරුරු තුනක් එහි හොදටම පිච්චිලා ඇටකටු වී තිබුනා.
ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නෙ ..පොලිස් මහත්තුරුන් ට වගේම ගමේ උන්ටත් මාර ප්‍රශ්නය ...
පොලිස් මහත්තුරුන් ඊලග මෙහෙයුම උනේ ..ගෙදර හිටිය වැඩකාරයින් දෙදෙනා සොයා ගැනීම....
මල සිරුරු සහ පිළිස්සුණු මිනී ඉස්පිරිතාලෙට අරගෙන ගියා..
ගමේ උන් සමරනායක මහත්තයාගේ ගෙදර වැඩට ඉන්න උන් ගැන වැඩි හෝඩුවාවක් නම් දන්නෙ නෑ ..ඒ නිසා පොලිස් මහත්තුරුන්ට කොහොමද මේ වැඩකාරයින් දෙන්නා හොයාගන්නෙ කියලා ලොකු ප්‍රශ්නයක් ආවා.
ගෙයි හැම තැනම සෝදිසි කරේ මොකක් හරි හෝඩුවාවක් හොයා ගන්න..
යාලුවනේ වෙනස්ම කතාවක්.
(සත්‍ය සිදුවීමක් ඇසුරෙන් .)
ඊලග කොටසින් හමුවෙමු .අදහස් කියන්න ලයික් කමෙන්ට් කරන්න .

Comments
Post a Comment