ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව
........................................................... අපේ හනිමුන් එක දවසේ රෑ තමයි එයා ඉස්සෙල්ලාම මේ කතාව මට කිව්වේ. ඒ වෙලාවේ අඩ අඳුරට උනත් එයාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා. "අපේ පවුලේ කාටවත් ගැහැණු දරුවෙක් ලැබිලා නෑ." "ඉතින්." "ඔයාට පුළුවන්ද මට දුවක් ගෙනත් දෙන්න". "ඔයා එච්චරම දුවලට ආසයිද?" "දුවලා කවදාවත් දෙමව්පියන් දාලා යන්නේ නෑලු." "එහෙනම් අපි ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට බාරයක් වෙමු." "එහෙම කලොත් අපිට දුවක් ලැබෙයිද?" "අපි බාර වෙලා බලමු මහත්තයෝ." අපි කසාඳ බැඳලා ටික දවසකින් එයා ලස්සන චුටි කෙලි පැටව්ගේ පින්තූර කාමරයේ එල්ලන්න පටන් ගත්තා. මම ඇහුවා ඇයි ඔයා මේ බිත්ති වල මෙහෙම පින්තූර ගහන්නේ කියලා. එයා එදා කිව්වේ මේ පින්තූර වල ඉන්න ලස්සන කෙලි පැටියෙක් ඔයාගේ කුසේ පිළිසිඳ ගන්න ඉක්මන් කරගන්නලු එහෙම කලේ කියලා. බිත්ති පුරා චුටි පැටවුන් හිනාවෙලා ඉන්නවා දැක්කාම මුලු ගෙදරම සිරියාවන්තයි කියලා මට හිතුනා. එයාට ලොකු විශ්වාසයක් තිබුනා මට ඉස්සෙල්ලාම දුවක් ලැබෙයිම කියලා. කසාඳ බැඳපු දවසේ ඉදන් එයා ලස්සන ලස්සන චුටි...