Posts

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

Image
........................................................... අපේ හනිමුන් එක දවසේ රෑ තමයි එයා ඉස්සෙල්ලාම මේ කතාව මට කිව්වේ. ඒ වෙලාවේ අඩ අඳුරට උනත් එයාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා. "අපේ පවුලේ කාටවත් ගැහැණු දරුවෙක් ලැබිලා නෑ." "ඉතින්." "ඔයාට පුළුවන්ද මට දුවක් ගෙනත් දෙන්න". "ඔයා එච්චරම දුවලට ආසයිද?" "දුවලා කවදාවත් දෙමව්පියන් දාලා යන්නේ නෑලු." "එහෙනම් අපි ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට බාරයක් වෙමු." "එහෙම කලොත් අපිට දුවක් ලැබෙයිද?" "අපි බාර වෙලා බලමු මහත්තයෝ." අපි කසාඳ බැඳලා ටික දවසකින් එයා ලස්සන චුටි කෙලි පැටව්ගේ පින්තූර කාමරයේ එල්ලන්න පටන් ගත්තා. මම ඇහුවා ඇයි ඔයා මේ බිත්ති වල මෙහෙම පින්තූර ගහන්නේ කියලා. එයා එදා කිව්වේ මේ පින්තූර වල ඉන්න ලස්සන කෙලි පැටියෙක් ඔයාගේ කුසේ පිළිසිඳ ගන්න ඉක්මන් කරගන්නලු එහෙම කලේ කියලා. බිත්ති පුරා චුටි පැටවුන් හිනාවෙලා ඉන්නවා දැක්කාම මුලු ගෙදරම සිරියාවන්තයි කියලා මට හිතුනා.  එයාට ලොකු විශ්වාසයක් තිබුනා මට ඉස්සෙල්ලාම දුවක් ලැබෙයිම කියලා.  කසාඳ බැඳපු දවසේ ඉදන් එයා ලස්සන ලස්සන චුටි...

කුඩය කෙටිකතාව

Image
---------- මද වේලාවට පෙර පටන් ගත් වැස්ස තාමත් අඩුවන පාටක් නම් නැත. ගතට දැනුණු උණ ගතිය නිසාම වැඩ කිරීමට නොහැකි බව වැටහුනු සියැස් ආයතන ප්‍රධානියා මුණ ගැසී නිවාඩුවක් අනුමත කරගෙන බසයට ගොඩ වූ සැනින් වැස්ස පටන් ගත්තාය. වැස්සට හසුවුවහොත් උණ ගතිය වැඩිවන බව දැනුණ හෙයින් බසයෙන් බැස ගත් ඔහු තම හිස නොතෙමෙන පරිදි කුඩයෙන් වසාගෙන හෙමින් හෙමින් අවන්හල දෙසට පියමැන්නේ උදෑසනද හරි හැටි ආහාරයක් ගැනීමට නොහැකි උන නිසාය. අවන්හල ඉදිරි පිටට වී තරුණියක් සිටගෙන සිටින අයුරු ඔහු දුර සිටම දුටුවේය. දණ හිසෙනුත් අගල් ගාණක් ඉහලට උඩට වන්නට ඇති කෙටි සායකින් හා යන්තම් ළැම පෙදෙස වැහෙන්නට තරම් කුඩා ටී ෂර්ට් කැබැල්ලක් ඇද සිටි ඇය හෑන්ඩි ෆ්‍රී එකක් ගසාගෙන එයින් නැගෙන ගීතයකට හෙමින් පැද්දෙමින් වැස්ස දෙස බලා සිටියාය. " මේ ඇදුම් කෑලි දෙකත් අදින්නෙ නැතුවයි ඉන්න තිබ්බෙ ඇන්ද කියල ඇති වැඩකුත් නෑනෙ " එහෙම හිතපු සියැස් අවන්හල තුලට ඇතුල් වූයේ තමාට අවශ්‍ය කෑමක් මිලදී ගැනීමටය. " කොහොමද කෑල්ලගෙ ගල් දෙක පට්ට නේ " " ඒක නේන්නං මේ වැස්ස වෙලාවෙ මේකි මේ ඉන්න විදිහට දාල වැඩට වත් යන්න හිතෙන්නෙ නෑ " " මටත් දැන් බස් ...

හොරකම කෙටි කතාව

Image
" පුතේ මං යනවා මල්ලි පරිස්සමෙන් බලාගන්න " " අද කොහෙද වැඩ " " සීල නැන්දලහ , එන්න පොඩ්ඩක් පරක්කු වෙයි. මල්ලි බලා ගන්න , මං එනකොට මොනව හරි කන්න ගේන්නම් " " හ්ම් . තෙරුවන් සරණයි අම්මේ " මල්ලි තවම නිදිය. ඊයේ දවසටම කන්න ලැබුනේ වේල් දෙකකි. ඒත් පොල් හා බතලය. හාමතේම නින්දට ගියේ කන්නට දෙයක් නොතිබූ නිසාය. දින දෙකකට තුනකට පසු කුලියක් ලැබූ නිසාම ඈ ඉක්මනින් පිටවීය. තාත්තාට අලියා ගැසූ දින සිට මල්ලි හා මා ජීවත් කරවීමට අම්මාට කුලී වැඩ කරන්නට සිදු විය. " අයියේ බඩගිනියි , බත් බෙදලා " . ඔහුට තවම වයස අවුරුදු නවයකි. මට එකොළහකි. අම්මා කුලියට යන දිනවලට අපි තනිව නිවසේ සිටින්නෙමු. වළදේ ඇත්තේ බතල කෑලී දෙකකි. අම්මාද හිස් බඩින්ම යන්නට ඇත. මම මල්ලීට කැලී දෙකම බෙදුවෙමි. " අපෝ අද උදේටත් බතලද , පොල් වත් නැද්ද " " තිබ්බ පොල් බෑය තමයි ඊයේ කෑවේ " " කෑ නොගහා ඕක කාල හිටහං " කන්නට දෙයක් නොතිබූ නිසාම ඔහු බතල කෑවද එයට තිබූ අකැමැත්ත මුහුණේ තිබිණි. " අයියේ බඩගිනියි බං " හෝරාවක් ගතවූ පසු ඔහු නැවත මුමුණයි. " දීපු එක කාල හිටපංකො , ඇටයා ...

සුංගි 07

Image
සුංගි ම මවා ගත්තු ලෝකෙක රෑ තිස්සෙ අතරමං වෙන්න ඕන හින්ද අප්පච්චි අන්තිමට සුංගිට තනියම ම නිදාගන්න ඇඳක් ගෙනල්ලා දුන්නා. හැබැයි සුංගිගෙ ඇඳ තිබුණෙත් අප්පච්චිලගෙ කාමරේ ම තමයි. කාලෙකට පස්සෙ සුංගි ළඟින් නැතුව නිදා ගන්න ගිය අම්මටයි, අප්පච්චිටයි හරියට නින්ද ගියෙත් නැති තරම්. හැබැයි සුංගි අලුත් ඇඳ උඩට වෙලා, ඇස් දෙකත් පියාගෙන ම තනියම හිනා වෙවී එයාගෙ ම ලෝකෙක හරි සතුටින් ඉන්නව දැක්කම අම්මගෙයි, අප්පච්චිගෙයි හිතේ තිබුණු ඒ දුක තුනී වෙලා ගියා. සුංගිගෙ නැළවිලි ගීය වුණේ ගෙයින් එළියෙ හමන හුළඟෙ සද්දෙ. ඒ හුළඟට ම තාල තිය තිය, ගහ කොළ ඒ මේ අත පැද්දෙන හැටි සුංගි හිත ඇතුළෙන් ම මවා ගත්තා. තරු කැට එක දෙක ආකහෙ ඉඳන් සුංගිත් එක්ක හොරෙන් ම කතාවක. ඒත් ඒ කතාව ඒ තරම් දුර දිග යන්න කලියෙන් ම හරි සනීපෙට සුංගි නිදි දෙව්දුවගෙ තුරුළට ගිහින් හිටියා. ආයෙමත් පහුව දා උදේ සුංගි ඇහැරුණේ සැරින් සැරේට එහෙන් මෙහෙන් ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචි සද්දෙන්. ඒත් ඒ හඬට හිතේ හැටියට ඇහුම්කන් දෙන්න මිසක්, ඇස් දෙක අරින්න ඕනකමක් සුංගිට තිබ්බෙ නෑ. තවත් ටික වෙලාවක් එහෙම්ම ම ඇඳට වෙලා ඉඳල අන්තිමේ මහ ලෝභකමකින් වගේ කෙල්ල ඇස් දෙක ඇරල අප්පච්චිලගෙ ඇඳ දිහාවට ...

සුංගි 06

Image
"අම්මෙ... මං හිතන්නෙ අපේ ටීච දැං මාත්තෙක්ක තරහ වෙලා..." සුංගි තව දවස් කීපයකට පස්සෙ අම්ම්ත් එක්ක කිව්වෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන්. "ඒ මොකද දෝණි...? ටීචල එහෙම තරහ වෙන්නෑනෙ ළමයි එක්ක... ටීචල හරි ආදරෙයි ළමයින්ට..." "එහෙනං ඔය තරහ වෙලා ඉන්නෙ... අපේ ටීච සමහරවිට දන්නැතුවැති ටීචල ළමයි එක්ක තරහ වෙන්නෑ කියල..." "හ්ම්ම්... දෝණි කොහොම ද එතකොට දන්නෙ දැං... ටීච අපේ දෝණිත් එක්ක තරහ වෙලාමයි කියල...?" "ටීච දැං ඉස්සර වගේ වැඩිය මං දිහා බලන්නෙත් නෑ... හිනා වෙන්නෙත් නෑ... කතා කරන්නෙත් නෑ... මං මොනව හරි ඇහුවම ටීච ඇහුන්නෑ වගේ ඉන්නව..." සුංගි එහෙම කියද්දි නම් අම්මගෙ හිතට ලොකු වේදනාවක් දැනුණා. සීමාවක් නැති ප්‍රශ්න නිසා ටීචර් සුංගිව මඟ අරිනව ඇති කියල යි අම්මට හිතුණෙ. ඒත් ඒකෙන් සුංගිට මොන වගේ හානියක් වෙන්න පුළුවන් ද කියනෙක ගැන අම්මගෙ හිතේ ඒත් එක්ක ම ඉපදුණේ ලොකු බයක්. දවසින් දවස හැම දේ ම නරක අතට හැරෙනව මිසක්, විසඳුමක් ලැබෙන පාටක් තිබ්බෙ නෑ. "අපි දන්නෑනෙ ඉතිං ටීචට ඇත්තට ම ඇහිල නැද්ද කියලත්..." අම්ම එහෙම කිව්වෙ සුංගිගෙ හිත හදන්න. "ඇයි ඉතිං එහෙනං කං ඇහෙ...

සුංගි 05

Image
"අනේ මන්දා නිලූ අපේ රටවල්වල ළමයින්ට උගන්නන විදිහ නං... අපිටත් නොපෙනෙන ලොකු ඇත්තක් දෝණි අපට මේ පෙන්නන්නෙ... අකුරු අග ඉඳං මුලට ලිව්වත් මුල ඉඳං අගට ලිව්වත් ලියවෙන්නෙ වෙනසක් නැතුව එක ම අකුර නං ආයෙ මොන ප්‍රශ්නයක් ද...? අකුරු කියන්නෙ අපි ම අදහස් ප්‍රකාශ කරගන්න හදාගත්තු සංකේත ටිකක් වෙච්චකොට..." සුංගිගෙ අම්මා දිහා බලාගෙන සුංගිගෙ අප්පච්චි කියන්නෙ හරි බැරෑරුම් හඬකින්. "ඒක නං එහෙම තමයි... ඒත් ගුරුවරුන්ට කියල තියෙන විදිහට ඒ වැඩ ටික කරන්න එපැයි ධනූ... නැත්තං අන්තිමට ගුරුවරුයි වැරදි..." "ඒක හරි... දැං ඔයාගෙ පන්තියෙ ළමෙක් ඒ විදිහට අකුරු ලිව්ව නං ඔයත් ඒක ම ද කරන්නෙ...?" "අනේ... පිස්සු ද ධනූ... ඒක ඒ ළමයට තේරුං කරන විදිහක් තියෙනවනෙ එයාටත් නොදැනෙන්න... හිතත් නොරිදෙන්න..." "හ්ම්ම්... අන්නේකයි මං කියන්නෙ... වයසට නෙමෙයි පණ්ඩිතකම කියල ළමයට ඇහෙන්න කිව්වම මොකක්ද නිලූ ඒ ළමයගෙ මානසිකත්වෙට වෙන්නෙ...? අපේ සුංගි තාම හරියට ඒකෙ තේරුම නොදන්න හින්ද හොඳයි... ඒත් එයාට වුණත් තේරිල තියෙනවනෙ ඒක ටීච කිව්වෙ එච්චර හොඳ හිතකින් නෙමේ කියල... නැත්තං ඔයාගෙන් අද ඔහොම ප්‍රශ්නයක් කීයටවත් අහ...

සුංගි 04

Image
"අම්මෙ... පණ්ඩිතයි කියන්නෙ මොකක් ද...?" අම්මගෙ දකුණු අතේ එල්ලිලා, බෙල්ලත් පැත්තකට හැඩ කරගෙන, අම්මගෙ මූණටත් එබීගෙන සුංගි අහන්නෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන්. සුංගිලගෙ ගෙදර ඉඳන් ඉස්කෝලෙට මහා ලොකු දුරක් තිබුණෙ නැති හින්දා හැම දා ම සුංගියි, අම්මයි ඉස්කෝලෙට ආවෙ ගියේ පයින් ම යි. හැබැයි ඉතින් මහා ලොකු දුරක් නෑ කිව්වට හැතැප්ම භාගෙකට වඩා වැඩි දුරක් නම් සුංගිලගෙ ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබුණා. "හ්ම්ම්... අලුත් වචනයක් හොයාගෙන තියෙන්නෙ අද..." අම්ම සුංගිට උත්තර දෙන්නෙ ලස්සන හිනාවකුත් මූණෙ තවරගෙන ම යි. "පණ්ඩිතයි කියල කියන්නෙ දෝණි මොනව හරි දෙයක් ගැන හොඳට දැනුං තේරුං තියෙනව කියන එකට... හොඳ බුද්ධියක් එහෙම තියෙන අයට..." "හ්ම්ම්... එහෙනං කමක් නෑ..." සුංගි උත්තර දෙන්නෙ ලොකු කල්පනාවකුත් එක්ක කියල අම්මට හිතෙනව. "ඇයි මැණික...?" "ම්ම්හු... නිකං... මං හිතුවෙ ඒක නරක දෙයක් කියල... ඒකයි..." "ඇයි දෝණිට එහෙම හිතුණෙ...?" ඒ පාර නම් සුංගිගෙ අම්මගෙ හිතට පොඩි අමුත්තක් දැනුණා. සුංගිගෙ කතයි, වැඩයි, ප්‍රශ්නයි හින්ද හුඟාක් අය සුංගිව හඳුන්වල දුන්නෙ පණ්ඩිත ළමයෙක් ව...