කුඩය කෙටිකතාව
---------- මද වේලාවට පෙර පටන් ගත් වැස්ස තාමත් අඩුවන පාටක් නම් නැත. ගතට දැනුණු උණ ගතිය නිසාම වැඩ කිරීමට නොහැකි බව වැටහුනු සියැස් ආයතන ප්‍රධානියා මුණ ගැසී නිවාඩුවක් අනුමත කරගෙන බසයට ගොඩ වූ සැනින් වැස්ස පටන් ගත්තාය. වැස්සට හසුවුවහොත් උණ ගතිය වැඩිවන බව දැනුණ හෙයින් බසයෙන් බැස ගත් ඔහු තම හිස නොතෙමෙන පරිදි කුඩයෙන් වසාගෙන හෙමින් හෙමින් අවන්හල දෙසට පියමැන්නේ උදෑසනද හරි හැටි ආහාරයක් ගැනීමට නොහැකි උන නිසාය. අවන්හල ඉදිරි පිටට වී තරුණියක් සිටගෙන සිටින අයුරු ඔහු දුර සිටම දුටුවේය. දණ හිසෙනුත් අගල් ගාණක් ඉහලට උඩට වන්නට ඇති කෙටි සායකින් හා යන්තම් ළැම පෙදෙස වැහෙන්නට තරම් කුඩා ටී ෂර්ට් කැබැල්ලක් ඇද සිටි ඇය හෑන්ඩි ෆ්‍රී එකක් ගසාගෙන එයින් නැගෙන ගීතයකට හෙමින් පැද්දෙමින් වැස්ස දෙස බලා සිටියාය. " මේ ඇදුම් කෑලි දෙකත් අදින්නෙ නැතුවයි ඉන්න තිබ්බෙ ඇන්ද කියල ඇති වැඩකුත් නෑනෙ " එහෙම හිතපු සියැස් අවන්හල තුලට ඇතුල් වූයේ තමාට අවශ්‍ය කෑමක් මිලදී ගැනීමටය. " කොහොමද කෑල්ලගෙ ගල් දෙක පට්ට නේ " " ඒක නේන්නං මේ වැස්ස වෙලාවෙ මේකි මේ ඉන්න විදිහට දාල වැඩට වත් යන්න හිතෙන්නෙ නෑ " " මටත් දැන් බස් ...