සමූහ ඝාතනය 02




අනුලා කොළඹ එන්නෙ දන්න කෙනෙක් එක්ක ..ඒ ඇවිත් සමරනායක මහත්තයාගේ ගෙදර නතර වෙනවා...

අවුරුදු ගාණක් ගියත් අනුලා ආයෙ ගමට යන්නෙ නෑ .දිගටම සමරනායක මහත්තයාගේ ගෙදර ඉන්නවා ...

නෝනා හුගාක් කරුණාවන්ත නිසා අනුලා හුගාක් සතුටින් මෙහෙ ඉන්නෙ ...

කිසිම අඩුවක් නෑ .හැමදේම තියන නිසා අනුලා හොඳට කාලා බීලා ඉන්නවා .

සමරනායක මහත්තයා උනත් වැඩි කතාවක් බහක් නෑ .ඒත් හැමදාම වෙලාවට අනුලා ට පඩිය දුන්නා.

නෝනා හුගාක් ලස්සනයි .සමරනායක මහත්තයා හුගාක් ආදරෙයි නෝනට .හැමදාම නෝනා බලාගෙන ඉන්න නිසා පුලුවන් උපරිම ඉක්මනට කොහේ ගියත් දුවගෙන එනවා.

නෝනා ඉස්කෝලේ යන නිසා උදේ වරුවම අනුලා විතරයි ගෙදර ...

ටික ටික දවස් ගෙවෙද්දි නෝනාට දරුවෙක් ලැබෙන්න ආවා.සමරනායක මහත්තයා පුදුම විදියට සතුටින් හිටියෙ ...

කවදාවත් නැතුව සිංදු කියනවා.නෝනගෙ කොන්ඩෙ පීරනවා.කවනවා...

ටික ටික දරුවා ලැබෙන්න කිට්ටු වෙද්දි සමරනායක මහත්තයා කොහෙද ඈතක ඉදලා ආව සිරිල් ගෙදර වත්ත මුරට තියාගත්තා ...

මහත්තයා එහෙම ලේසියෙන් ගෙදර වැඩට කෙනෙක් ගන්නෙ නෑ ..ඒත් නෝනා ඉන්න තත්වය එක්ක ඉක්මනටම කෙනෙක් ගන්න උනා.

සිරිල් ගෙදර වත්ත හොදටම බලා ගත්තා ...සමහර දවසට නම් ගමේ උන්ට පොල් ගෙඩි දෙක තුනක් දීලා සල්ලි අරගෙන හවසට ටිකක් මත් උනා ....

සමරනායක මහත්තයා ඒත් සිරිල් ට මොකුත්ම කියන්න ගියේ නෑ ....

මොකද සිරිල් උවමනාවෙන් හුගාක් හොඳට වැඩ ටික කරා.

සිරිල් අනුලා ගැන හුගාක් උනන්වෙන් හිටියෙ ...අනුලා දිහා බැලුවෙ මහ අමුතු විදියට ...

කහට ටිකක් බොන්න ආවත් සිරිල් හුගාක් වෙලා තැවරි තැවරි කුස්සියට වෙලා ඉන්නවා ...

කන්න ආවත් එහෙමයි...ගමේ ඉදලා කොළඹ ආව අනුලාට එච්චර ඉගනීමක් තිබුණේ නෑ ....

සිරිල් බලන විදියට ,ඒ හිනාවට,පන දෙන්න වගේ කතාවට අනුලා අහු උනා ....

පාන්දරම ගෙදරින් යන සමරනායක මහත්තයා ආයෙ ආවෙ හොදටම හවස් වෙලා ...නෝනා උදේ ඉස්කෝලේ ගිහින් එනකල් අනුලා පුංචි පැටියා බලා ගත්තෙ .

සිරිල් ගෙදර කවුරුත් නැති වෙලාවට ගේ අස්සෙමයි....

අනුලා දරුවව බලා ගන්නවා.සිරිල් අනුලා එක්ක කතා කරන්න ගේ අස්සට වෙලා ඉන්නවා ...

ටික ටික අනුලා සිරිල් ආදරය ඔහොම ගෙවෙද්දි ....සිරිල් වත්තෙ පොල් හොරෙන් කඩලා විකුණන්න ගත්තා ...

සමරනායක මහත්තයා ගෙදර නැති වෙලාවට සිරිල් ඉක්මනට පොල් කඩලා විකුණනවා .

ගමේ එකා දෙන්නා සමරනායක මහත්තයාගේ කනේ මේ විස්තරය තිබ්බා.

මේ කාලෙ සිරිල් සමරනායක මහත්තයාගේ ගෙදර ඇවිත් කාලයක් වෙනවා.

නෝනා ආයෙ දරුවෙක් ලැබෙන්න ඉන්නෙ .ඒ නිසාම සමරනායක මහත්තයා සිරිල් තරහ කරගන්න ,එලවගන්න ගියේ නෑ ....

සිරිල් හොරෙන් පොල් කඩලා ,තමන්ගෙ පඩිය විතරක් නෙවෙයි අනුලගෙ සල්ලිත් ඉල්ල ගන්නවා ...

සිරිල් තමන්ට ඕනි ඕනි විදියට අනුලව නටවන්න ගත්තා ...උදේ ගෙදර සේරම වැඩ ඉවර කරලා අනුලා ඉන්නෙ පුංචි බේබි එක්ක....

සිරිල් ඇවිත් අනුලාට බනින්නෙ දරුවා ඉක්මනටම කොහොම හරි නිදි කරන්න කියලා .

පස්සෙ සිරිල් අනුලා එක්ක හුගාක් වෙලා සතුටින් නිදහසේ වෙලාව ගත කරන්නෙ සියලු සීමා මායිම් නැතුව ....

සමරනායක මහත්තයාගේ නෝනා දෙවන දරුවත් බිහි කරන්නෙ ලස්සන පුංචි පුතෙක් සමරනායක මහත්තයාට ගෙනත් දෙමින්.

සමරනායක මහත්තයා හුගාක් සතුටින් ඉන්නෙ .ඇත්තටම ගමටම කන්න බොන්න දුන්නා.එච්චර සතුටුයි ....

එන්න එන්න සිරිල් අනුලා රෑට රෑටත් හම්බ වෙන්න ගත්තා ....සිරිල් ඉන්න එහා මුර කාම්බරයට අනුලා ගිහින් ආයෙ ගේ අස්සට ආවෙ උදේ.

සිරිල්ගෙ හොර වැඩ කොච්චර එපා කිව්වත් අනුලා ,සිරිල් ඒවා හදා ගත්තෙ නෑ .

එන්න එන්න සිරිල් හැමදේම හොරකම් කරා.විකුන්නා...

අනුලා නම් මේ දේවල් වලට ආස නෑ .ඒත් අනුලා කොච්චර එපා කිව්වත් සිරිල් ඒවා අහන්නෙ නෑ .

සිරිල්ගෙ මේ වැඩ සමරනායක මහත්තයාට මහ වදයක් කරදරයක් ....

අනුලගෙ සේරම රත්තරන් බඩු සිරිල් කොහොම හරි ශේප් එකේ ගත්තා .

සිරිල් අනුලා ව පුලුවන් ඉක්මනටම කසාද බඳිනවා කියලා කිව්වෙ...ඒත් සිරිල් කියන්නෙ පවුල් දෙක තුනක්ම හිමි කෙනෙක් කියලා අනුලා දන්නෙ නෑ .

සිරිල් ට පලමු විවාහයෙන් දරුවො තුන් දෙනෙක් ඉන්නවා .ආයෙ තව හොර පවුල් දෙකක් තියනවා ...

සිරිල් කොහේ ගියත් ගෑනු නම් අල්ල ගත්තා .

එන්න එන්න ඉඩම් වල ආදායම හොදටම අඩු වෙද්දි සමරනායක මහත්තයාට හොදටම තරහ ගියා .

"අනුලා අනුලා මෙහෙ එන්න...."

"ලොකු මහත්තයා ..."

"මොකද්ද අනුලා ඔයාගෙයි සිරිල්ගෙයි මේ සම්බන්ධය..."

"මහත්තයා.....මේ "

"අනුලා ඔයා හොදට මෙහෙ වැඩ කරනවා තමයි ...එත් අනුලා ඔයා සිරිල් එක්ක සම්බන්ධයක් තියනවා නම් මට සිද්ද වෙනවා වෙන ගෑනු කෙනෙක් වැඩට හොයා ගන්න....
ඔයාලා දෙන්නටම මෙහෙ වැඩ කරන්න බෑ.....දවසම මාත් ගෙදර නෑ .නෝනත් නෑ .ඉන්නෙ පුංචි බේබිලා දෙන්නා විතරයි ...ඉතිං ඔයාලගෙ සම්බන්ධකම් නිසා මගෙ දරුවො දෙන්නා ඔයාට බලාගන්න එක මග ඇරෙන්න පුලුවන් ...

ඒ නිසා මං එහෙම තීරණයක් ගත්තෙ ...."

අනුලාට හුගාක් බය හිතුණා ...දෙවියනේ කොහොමද මෙහෙම කරන්නෙ .මං කොහෙද යන්නෙ.ගිහින් ආයෙ ගමේ ඉන්න උනොත් ....

අනුලාට මතක් උනා ඒ ජීවිතය .කවුරුත් නැති අසරණ අනුලා තාත්තා බලාගෙන හිටියෙ .ඒත් තාත්තාගේ බීමත් කම නිසා ...එක එකා එක්ක ගෙටම ඇවිත් රෑ ජාමෙ වෙනකල් බොනවා ...

ඒ එන උන්ගෙ අතවර වලට අනුලා හුගාක් වෙලාවට ගොදුරු වෙනවා.

බොහොම අමාරුවෙන් අනුලා දන්න ගමේ අක්කා කෙනෙක් එක්ක කොළඹ ආවෙ...ඒ අක්කා දන්න නෝනා කෙනෙක් තමයි අනුලා සමරනායක මහත්තයාගේ ගෙදර වැඩට දැම්මෙ.

අනුලා හුගාක් බය උනා ...

"අනේ මහත්තයා ..මට සමාවෙන්න ..මං ඒ දේවල් නතර කරන්නම්.අනේ මහත්තයා මාව යවන්න එපා...මට ඉන්න දෙන්න..."

අනුලා බැගෑපත්ව කිව්වෙ.සමරනායක මහත්තයාගේ දරුවො දෙන්නම මේ වෙනකොට කොහොමත් අනුලාට හුගාක් එකතුයි ...

ඒ නිසාම සමරනායක මහත්තයාට වගේම නෝනට ලේසීයි.

සමරනායක මහත්තයා අනුලාට තව අවස්ථාවක් දුන්නා.

"හරි එහෙනම් සේරම දේවල් නවත්තලා ඉස්සර වගේ හොඳට වැඩ කරන්න ..."

සමරනායක මහත්තයා එලියට ගියා .අනුලා පුංචි බේබි එක්ක ඉන්නෙ .ලොකු බේබි මොන්ටිසෝරි ගිහින් ...

සිරිල් ගේ අස්සට ආවෙ සමරනායක මහත්තයා ගියාට පස්සෙ.

අනුලා සිරිල් වැඩිය ගනන් ගත්තෙ නෑ ...සිරිල්ට අනුලගේ මේ වෙනස හොදටම තේරුණා .

"මොකද අනුලා මේ වෙලා තියෙන්නෙ ...ඔය පොඩි බේබි නිදි කරන්නෙ නැත්ද..."

"නෑ සිරිල් අයියෙ .බේබි නිදාගන්නෙ නෑ .ඔයා ගිහින් වැඩක් කරගන්න."

"මොකද්ද අනුලා උබට වෙලා තියෙන්නෙ .ආ...."

අනුලා කාම්බරයට ගිහින් බේබි එක්ක සෙල්ලම් කර කර ඉන්නවා .සිරිල් ව ගනන් ගන්නෙම නෑ .බැරිම තැන සිරිල් යන්න ගියේ වත්තට .

දවස දවස ගෙවෙද්දි අනුලා සිරිල් එක්ක කිසිම කතාවක් නෑ .

සිරිල් කොච්චර උත්සාහ කරත් අනුලා සිරිල් මගාරිනවා.

වෙනදා හැමදාම රෑට සිරිල් ඉන්න මුර කාම්බරයට ගිහින් උදේ එන අනුලා .අනුලා ගෙ කාම්බරයට වෙලා හොදටම නිදිය ගන්නවා ...

සමරනායක මහත්තයා දවස තුල සිරිල් එක එක වැඩ වලට හිර කරා.මේ නිසාම සිරිල් අනුලා පස්සෙ එන එකටවත් වෙලාවක් සිරිල්ට නැති උනා .

සමරනායක මහත්තයාගේ දෝනි ටික ටික උස් මහත් වෙද්දි පුංචි පුතාත් ටික ටික ලොකු උනා ...

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව