සමූහ ඝාතනය 03
යාලුවනේ අද සමාජෙ වෙච්චි දෙයක් .පිට කෙනෙක් ගේ අස්සෙ දාගන්න කලින් හුගාක් හිතන්න.
කොහේ එකෙක්ද.මොන වගේ එකෙක්ද කියලා . පිට මිනිස්සු වෙනුවෙන් වෙනම එළියෙ කාම්බරයක් දෙන්න පුරුදු වෙන්න.
ඕනිම කෙනෙක් දිහා සැකෙන් බලන්න.දෙයක් වෙන්න කලින් හැම දේ ගැනීම හුගාක් හිතන්න.
හවස් වෙද්දි මොන තරම් විශ්වාස කෙනෙක් උනත් ගෙදර අස්සට ගන්න එපා.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"අනුලා හුගාක් වෙනස් වෙලා .මොකද්ද බං උබට මේ වෙලා තියෙන්නෙ ..."
"අනේ සිරිල් අයියෙ .මට වෙච්චි දෙයක් නෑ .මට මේ රස්සාව නැති නොකර ඉන්න .මට යන්න එන්න තැනක් නෑ ...."
"කවුද අනුලා ඔයාට රස්සාව නැති කරේ."
"කවුද කවුද නෙවෙයි .සිරිල් අයියෙ ඔයාගෙයි මගෙයි මේ සම්බන්ධෙ ලොකු මහත්තයාට ආරංචි වෙලා ..
මාව රස්සාවෙන් අස් කරනවා කිව්වා."
"ආ එහෙමද එතකොට .ලොකු මහත්තයා ද මේ දේවල් වලට වග කියන්න ඕනි ...."
"සිරිල් අයියෙ මට මෙහෙම හොඳයි."
සිරිල් ගියේ හුගාක් තරහින් .ලොකු මහත්තයා එක්ක තරහින්.
දවස ගානෙ සිරිල් හිතින් සමරනායක මහත්තයාගේ එක්ක තරහින් පුපුරන්න ගත්තා .
සමරනායක මහත්තයාගේ නෝනා එක්ක දෝනි ඉස්කෝලේ ගිහින් ආපහු ගෙදර ආවෙ .
පුංචි පුතා පෙර පාසල් ගිහින් වෙලාසනම ගෙදර එනවා.ඒ ඇවිත් සෙල්ලම් කර කර ඉන්නවා .
සමරනායක මහත්තයා අද වෙලාසනම ගෙදර ආවෙ මහන්සි නිසා .මගදි කඩයක් ළඟ නතර කරා.
"මුදලාලි මෙතන පොල් ගෙඩි දෙසීයක් තියනවා.මට හැටගානෙ දෙන්න."
සිරිල් කඩේ අස්සෙ ඉදලා මුදලාලි එක්ක ලොකු ගනුදෙනුවක්.
සමරනායක මහත්තයාගේ තරහ හොදටම ඇවිස්සුනා.
"සිරිල් සිරිල් ...."
"මහත්තයා..."
"මහත්තයා....මහත්තයා තමයි ..උඹ කොහෙන්ද මේ පොල් ගෙඩි දෙසීයක් විකුණන්නෙ...ආ"
සිරිල්ගෙ මූණ වෙනස් උනා ....
"උඹ මගේ වත්ත බලාගන්නෙ මෙහෙමද එතකොට ආ.කතා කරපන් සිරිල් ..."
"අනේ මහත්තයා ....මං මේ"
"උඹ අදම පලයං මගේ ගෙදරින් ..."
සමරනායක මහත්තයා ආවෙ ගෙදර හුගාක් තරහින් ...ඇත්තටම මෙච්චර දවසක් හරි සමරනායක මහත්තයා ඉවසුවේ සේරම හොර වැඩ අල්ල ගන්න ඕනි නිසා .
ගෙදර පොල් හොරෙන් විකුණනවා.ගම්මිරිස් ගෝනි තුනක් නෑ ගබඩාවෙ .පුවක් ටික හොරෙන් විකුණනවා .
ඒත් සිරිල් අද හැදෙයි.පව් කියලා සමරනායක මහත්තයා ඉවසුවා..ඒත් සිරිල් හැමදාම කරේ හොර වැඩ.
ගෙදර නෝනා ආවෙ ඉස්කෝලේ ඇරිලා දෝනි එක්කරගෙන .සමරනායක මහත්තයා සේරම දේවල් නෝනා එක්ක කිව්වා.
"අනුලා මෙහෙ එන්න."
"මහත්තයා සිරිල් ආයෙ මෙහෙ වැඩ නෑ .ඌ හොරෙක්...ඔයාටත් ඕනි නම් යන්න පුලුවන් ...."
ඒත් අනුලා යන්න කැමති උනේ නෑ .
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පොලිස් මහත්තුරුන් කොච්චර හෙව්වත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ .
දවස් ගාණක් ගියා ...
සමරනායක මහත්තයාගේ සහ පුතාගෙ සහ බිරිදගෙ මල සිරුරු බවට කුණු ගොඩේ පිච්චුනු මළසිරුරු දොස්තර මහත්තුරුන්ගේ වාරථා වලින් තහවුරු උනා .
ඉස්සරහ කාම්බරයෙ කිසිම ඇඳුමක් නැතුව තිබුණු මළසිරුර සමරනායක මහත්තයාගේ දුවගෙ බවට දොස්තර මහත්තයාගේ වාරතා තහවුරු උනා .
ඒත් ගෙදර උන්නු වැඩකාරයෝ දෙන්නා ආගිය අතක් නෑ .
පොලිස් මහත්තුරුන් සියලු විමර්ශන ආරම්භ කරේ අනුලා සහ සිරිල් සොයා .
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"උඹලා නේද ආ.අර හොටෙල් එක අස්සෙ ඉදලා අරගෙන ආවෙ.ආ.ශික් ලැජ්ජ නැද්ද බං.හැම මිනිහා එක්කම සල්ලි නිසා නිදා ගන්න..."
පොලිස්සියට අල්ලගෙන ආවෙ මුදලට විකිණෙන ගණිකාවන් කීප දෙනෙක්.හොටෙල් එකක් වගෙ උනත් මේකෙ එක එක මිනිස්සුන්ට අවශ්‍ය විදියට එක එක කාන්තාව මුදලට ගන්න පුලුවන් .
පොලිස්සියට ලද හෝඩුවාවක් ඔස්සෙ කරන ලද වැටලීමක් නිසා මුන් සේරම අල්ල ගත්තෙ .
එක එකාගෙ විස්තර අහන පොලිස් මහත්තුරුන් ඊලගට ප්‍රශ්න කරේ අවසාන ගෑනුගෙන්.
"මොකද්ද නම"
"මං අනුලා සර්"
"කොහෙද ගෙවල්."
"සර් මං හුගාක් දවස් උන්නෙ ගෙවල් වල වැඩට සර්..."
"හරි කොහෙද අන්තිමට හිටියෙ ..."
"කොළඹ හිටියෙ සර්...."
පොලිස් මහත්තුරුන්ට කලින් කිව්ව විස්තර සහ සැක කරන කාන්තාව අනුලා සහ සිරිල් කියලා දෙන්නෙක් කියලා ඉහල නිලධාරීන් දන්වලා තිබ්බෙ....
ඒ අනූව අනුලා කියන විස්තර සමානයි නිසා .මේ පොලිස්සියෙන් සමරනායක මහත්තයාගේ විස්තර අවශ්‍ය පොලිස්සියට දැනුම් දුන්නා.
ඒ අනූව අනුලා අදාළ පොලිස් මහත්තුරුන් වෙත බාර දුන්නා.පොලිස් මහත්තුරුන් අනුලා සමරනායක මහත්තයාගේ ගෙදර ලගට එක්ක ගියා .
ඔව් ඒ තමයි අනුලා ගමේ උන් සේරම අනුලා අදුරගත්තා.
"දැන් සේරම කියනවා තමුසෙ ...කියන්න බැරි නම් අපි දන්නවා කතා කරවගන්න ඕනි විදිහ..."
"මොකද්ද සර්..."
"මොකද්ද උඹ දන්නෙම නැත් ද.ආ.සමරනායක මහත්තයාගේ ගෙදර සේරම මැරුණු විදිය ...."
පොලිස් මහත්තුරුන් දෙක තුන කට ඇරලා බනිද්දි අනුලා හොදටම බය උනා ...
"අනේ සර් මං සේරම කියන්නම්...සේරම කියන්නම් සර්...."
අනුලා සේරම දේවල් කියන්න පටන් ගත්තා .පොලිස් මහත්තුරු බලා ඉන්නෙ අනුලා කතා කරන කල්.
"සර් මං වැඩට ආවෙ හුගාක් කලින් .සමරනායක මහත්තයාගේ ගෙදර හුගාක් කල් වැඩ.මහත්තයා ,නෝනා ,දරුවො හුගාක් හොඳයි...
හැමදාම 😃 සතුටින් හිටියා .
මටත් හුගාක් හොඳට සැලකුවා.කන්න බොන්න වගේම ඇදුම් උනත් දුන්නා.සල්ලි වෙලාවට දුන්නා.
සිරිල් මේ ගෙදරට ඇවිත් සේරම වෙනස් උනා .සිරිල් හුගාක් හොර වැඩ කරද්දි මහත්තයා ඉවසුවා .හැමදාම සිරිල් හොර වැඩ කරා.
මගෙත් එක්ක යාලු වෙලා හැම වෙලේම සල්ලි ගත්තා .මාව බඳිනවා කියලා හැමදේම රවට්ටලා කරගත්තා .සර්.
"තමුසෙගෙ ඇඩිල්ල නවත්තලා සේරම විස්තර කියනවා.සේරම "
"සර් සිරිල් හැමදාම හොරකම් කරා දවසක් දෙකක් නෙවෙයි හුගාක් දවස් ලොකු මහත්තයාගේ අතටම අහු උනා .දවසක් මහත්තයා සිරිල් ගෙදර තියාගන්න බෑ කියලා ගෙදරින් යන්න කිව්වා.
මහ රෑ හොදටම බීලා සිරිල් ඇවිත් මහත්තයාට කතා කරලා.මං කුස්සියේ නිසා මට ඇහුනෙ නෑ .
පස්සෙ ලොකු මහත්තයා ඉස්සරහ දොර ඇරගෙන ඉස්සරහට ඇවිත් .සිරිල් හැන්ගිලා ඉදලා ලොකු මහත්තයාට පිහියෙන් ඇනලා සර් .හුගාක් .
ලොකු මහත්තයා එතනම වැටිලා .හුගාක් වෙලා ගිහින් මහත්තයා ගේ අස්සට ආවෙ නැති නිසා නෝනා එලියට ගියේ ...
අනුලා මහත්තයා කවුද කතා කරලා එලියට ගියා .තවම ආවෙ නෑ .මං බලලා එන්නම් කියලා .
සිරිල් මහත්තයාට පිහියෙන් ඇනලා යන්න හදද්දි නෝනා එලියට ඇවිත් තියෙන්නෙ .නෝනා සිරිල් ව අදුරගෙන .
සිරිල් උඹ මොකද්ද මගේ රත්තරන් මහත්තයාට කෙරේ කියලා අඬන්න ගත්තා ..
එච්චරයි මහත්තයා නෝනා කතා කරේ.සිරිල් නෝනාත් එතනම මරලා දාලා .
සිරිල් අදුනගත්තා කියලා ....
සෙල්ලම් කර කර ඉදපු පුංචි බේබි සාලෙ ඉදලා තියෙන්නෙ .. සිරිල් ඒ දරුවත් මරලා පිහියෙන් ඇනලා ....
සමරනායක මහත්තයාගේ දුව පහ වසර නිසා .කාම්බරයට වෙලා පාඩම් වැඩ.. මං කාම්බරයට ගියේ තේ එක දෙන්න .එතකොට මං දැක්කා සිරිල් සිරිල් ඒ පුංචි අවුරුදු දහයක දරුවට කරදර කරනවා .
හුගාක් ලොකු කෙනෙක් ට වගේ....
මට සර් පුදුම තරහක් ආවෙ.මං ඉක්මනට සාලෙට ආවෙ නෝනා මහත්තයාට මේ දේවල් කියන්න ...ඒත් නෝනා මහත්තයා වගේම පුංචි බේබි ...ඒ වෙනකොටත් මැරිලා ...
අනේ සර් මට එච්චරයි මතක ...
මට සිහිය එනකොට හැමදේම වෙනස් වෙලා ...."

Comments
Post a Comment